PL000305
බෞද්ධ පොත්
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය =
ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැඩිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.
This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.
මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.
සම්පුර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදියට ඔස්සේ ධර්මකාමින් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.
= මේ PDF සංස්කරණයේ විශේෂත්වය =
1. දැනට පවතින බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයේ ත්‍රිපිටක මුද්‍රණයේ සහ ආතාපි අඩවිය විසින් සිදුකල PDF පිටපතේ අකුරුවල පැහැදිලිතාවය අඩු මට්ටමක පවතී. ත, න සහ ති, තී වැනි අකුරුවල වෙනස්කම්ද, footnotes අකුරුද හඳුනාගැනීම අපහසුය. පහත රූප සටහනේ දැක්වෙන පරිදි අප විසින් සකස්කළ පිටපතේ මේ අකුරු වඩා පැහැදිලිය.
https://www.facebook.com/photo.php?fbid=2462323207337139&set=a.1964211497148315
2. දැනට පවතින ත්‍රිපිටක මුද්‍රණයෙන් ද, ආතාපි PDF පිටපතෙන් ද ඉවත් කර ඇති ශුද්ධි පත්‍ර මේ පොතට ඇතුළු කර ඇත. පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයේ පැවති එකදු පිටුවක් වත් අප විසින් ඉවත්කර නොමැති අතර අලුතෙන් එක් පිටුවක් හෝ එකතුකර ද නොමැත.
3. පොතේ පටුනේ සඳහන් සුත්‍ර/මාතෘකා ඇසුරෙන් bookmarks සකස් කර ඒ ඒ PDF එකට එකතු කර ඇත. මේ bookmarks මත click කිරීමෙන් ඉතා පහසුවෙන් අදාළ සූත්‍රය වෙත පිවිසිය හැකිය.
http://www.mediafire.com/file/7k6yulxwpqjk63z/
4. පොතේ පිටුවල අන්තර්ගතයට අමතර කිසිම වචනක් හෝ links පිටුවලට එකතු කර නොමැත.
= විශේෂ පුන්‍යාණුමෝදනාව =
· ත්‍රිපිටක පැරණි මුද්‍රණයේ පොත් ලංකාව පුරා ආරණ්‍ය පුස්තාකාල වලින් සොයාගෙන අප වෙත ලබාදුන් එමෙන්ම සකස් කර අවසන්වූ PDF පිටපත් වල අඩුපාඩු අපට පෙන්වා නිවැරදි කරගැනීමට උපකාර කළ මාන්කඩවල නන්දරතන (රාහුල) හිමියන්ට සහ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට.
· නොයෙක් අයුරින් උපකාර කල දෙමාපියන්ට
පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana) path.nirvana@gmail.com
අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන් දැනුම් දෙන්න.
පැරණි පොත් පිටුවලට කෘමීන්ගෙන්, තෙතමනයෙන් සහ සීල් ගැසීම නිසා සිදුව තිබූ හානි හැකිතාක් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව කරුණාවෙන් සලකන්න.
= Download Links =
1) http://52.187.18.71/files/bjt/
2) http://www.mediafire.com/folder/oo8eet91ax8py/
3) https://archive.org/details/tipitaka-sri-lanka
(උපුටා ගැනීම ☸️පට්ඨාන ධර්ම සජ්ජායනා කරන්නන් ☸️ Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
දස සංයෝජන
⭕ දස සංයෝජන 1️⃣ සක්කාය දිට්ඨි ( මමය, මගේ ය කියන හැගීම) 2️⃣ විචිකිච්චා ව ( සැකය/ බුද්ධාදී අටතැන ගැන සැකය) 3️⃣ සීලබ්බත පරාමාස (ශීල වුතවලට වහල්වී...
Read Moreදහම් කරුණු
ධර්ම දේශනා
උත්තම ධර්ම දානයේ අන්තර්ජාල අවකාශය තව තවත් පුළුල් කරනු පිණිස ආරම්භ කළ, මෙත් බුද්ධාභිවන්දනා නිල YouTube වෙබ් අඩවියේ විකාශය වන ධර්ම දේශනා මාලාවන් ශ්‍ර...
Read Moreදහම් කරුණු
බෞද්ධ පොත්
🌏 දැනට අන්තර්ජාලයේ ඇති-නැති පොත් රැසක් පහත දැක්වේ.අන්තර්ජාලය තුල පහත සමහර පොත් ඇත,නමුත් ඒ පොත්වල පිටු ආදිය අඩු-වැඩි වීමක් ද, සමහර කුඩා පොත් වල MB ප්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.